පිටකොටුවේ හෝටල් 05ක් වසා දමයි . . .

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිටකොටුව ඕල්කට් මාවත ආශ්‍රිතව පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි ගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබුණා.

ඉන්පසුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙලෙස දැඩිලෙස අපිරිසිදු හෝටල් 05ක් වසා දමන ලෙසට අධිකරණය නියෝග කර ඇත.

කොළඹ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක K A අබේරත්න, කොටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ඩී.ටී. වික්‍රමරත්න ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රට යාම තහනම් . . .

Mon May 22 , 2023
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම අනිවාර්ය කර තිබෙනවා. ඒ සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් ඉරි තුනේ නිවේදනයක් මගින් ලිඛිතව දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. ඒ ආකාරයෙන් ඉරි තුනේ නිවේදනයක් මගින් දැනුම් දෙන්නේ අයවැය ඡන්ද විමසීමකදී හෝ ව්‍යවස්ථා සංශෝධනයකදී වැනි අතිශය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x