වෛද්‍යවරු හදිසි තත්ත්වයකට සුදානම් වෙයි . . .

ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ, හදිසි තත්ත්වයකට මුහුණදීම සදහා අවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් පුහුණුවීම් සිදුකර අවසන් බවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු සඳහන් කළේ, බෝවන රෝග ඒකකය සහ ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව එම කටයුතු සිදුකර ඇති බවය.

“ජාතික ඩෙංගු මර්දන ඒකකය හැටියට මුළු දිවයිනේම තියෙන රෝහල් 73ක මධ්‍යම රාත්‍රියේ සිටින උණ රෝගීන් සංඛ්‍යාව නැත්නම් ඩෙංගු යැයි සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව පිළිබඳව දත්ත දෛනිකව වාර්තා කිරීමක් සිද්ධවෙනවා. එය වාර්තා කිරීමේ දී IDH රෝහල නැත්නම් බෝවන රෝග විද්‍යාතනය, ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, මීගමුව මහ රෝහල සහ ගම්පහ කියන රෝහල්වල සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.

නිරන්තරයෙන් ඩෙංගු රෝගීන් හැම දිනකම වැඩිවීම නිරීක්ෂණය කරනවා. මෙහෙම නිරීක්ෂණය කරන්නේ ඇත්තටම රෝහල් ධාරිතාවයේ යම් ඉක්මවා යෑමක් සිද්ධ වෙනවා කියලා නිරීක්ෂණය කරන්න. මේ වනවිටත් මුළු දිවයිනම ආවරණය වන පරිදි වෛද්‍යවරු සහ හෙද හෙදියන් 400කට අධික ප්‍රමාණයක් ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ බෝවන රෝග විද්‍යාතනය එක්ව පුහුණුවීම් කටයුතු කරලා යාවත්කාලීන කරලා තියෙනවා. මේ වනවිටත් එම වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඩෙංගු තත්ත්වයේ දී ඩෙංගු රෝගය කළමනාකරණය සම්බන්ධයෙන් වාට්ටුවල කටයුතු කරමින් ඉන්නවා.”

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උපන් ඇඳුමින් වෙළෙඳසලක් බිඳලා . . .

Mon May 22 , 2023
වාරියපොල නගරයේ වෙළද සැල් දෙකක් අද (22) අළුයම නිරුවතින් පැමිණි සොරෙකු විසින් බිද ඇතැයි වාරියපොල පොලිසිය කියයි. මෙම සොරා එක් වෙළද සැළකට වහළයෙන් බසින ආකාරය සහ එහි ඇති මුදල් සහ භාණ්ඩ සොරාගන්නා ආකාරය එම වෙළද සැළේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබිණ. වෙළද සැළ හිමිකරු කියා සිටියේ රුපියල් ලක්ෂයකට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x