අලි සබ්‍රි රහීම්ට ඉල්ලා අස් වෙන්න කියයි . . .

රුපියල් කෝටි අටකට වැඩි වටිනා රත්රන් තොගයක් ඩුබායි සිට නීති විරෝධීව රැගෙන එන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 75 ක දඩයක් මත මුදා හැරුණු අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් සමස්ත පාර්ලිමේන්තුවටත්,  පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ටත් විශාල කැළලක් සහ අපකීර්තියක් ඇතිවූ හෙයින් ඔහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැටියට ගත හැකි උපරිම ක්‍රියාමාර්ගය ගන්නැයි පක්ෂ නායකයෝ රැසක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ගෙන් දද (26) පෙරවරුවේ ඉල්ලීමක් කළහ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම ඊයේ පැවැත්වුණේ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනි. නියෝජ්‍ය කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කරනු ලැබූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන චමල් රාජපක්ෂ සහ සී බී රත්නායක යන අය විසිනි.

මෙහිදී අදහස් දක්වා ඇති නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායකයන් මතු කරන මේ ප්‍රශ්නය කතානායකවරයාට වහාම යොමු කර අවශ්‍ය පියවර ගන්නා බවයි.

මේ අනුව නියෝජ්‍ය කතානායකවරයා සහ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන අය කතානායකවරයා සමග ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරනු ඇත.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට හැකි නීති ප්‍රතිපාදන සම්බන්ධයෙන් විමසීමටද මෙහිදී තීරණය කර ඇතැයි වාර්තා වේ.

  • සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජෙරම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් . . .

Fri May 26 , 2023
දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඔහු ඉන් ඉල්ලා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර තිබේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x