සේවා තුනක් අත්‍යවශ්‍ය සේවා යටතට . . .

විදුලිබල සැපයීම, ඛනිජ තෙල්  සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නියෝගයකට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලේකම්වරයා විසිනි.

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධයෙන් වන සියලුම සේවා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත්  ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය පෝෂණය කිරීම, ප්‍රතිකාර කිරීම සම්බන්ධව  සියලු සේවා වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙනු  ඇත.

එම  සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සහ ඊට බාධා අවහිර ඇතිවීම වැළැක්වීම සඳහා යැයි  එම නිවේදනයේ දැක්වේ.

  • සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලංගම අධිවේගි බස්වල 1 දා සිට කොන්දොස්තර නෑ . . .

Sun Jun 18 , 2023
ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. අදාල බස් රථ ධාවනය කරවීමට පෙර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් බස් රථයේ රියදුරු මහතා එම ප්‍රවේශපත් නිකුත් කරන බවත් එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x