අරගල සාමාජිකයාගේ ගනිකා කතට සමාජ රෝගයක් . . .

අරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයකු මෙහෙය වූ බව කියන ජංගම ගණිකා මධ්‍යස්ථානයකින් වටලා අත්අඩංගුවට ගත් සුරූපී කාන්තාවකට සමාජ රෝගයක් වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

මෙම ගණිකා මධ්‍යස්ථානයෙන් කාන්තාවන් සිව්  දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් කාන්තාවකට  ගොනෝරියා නමැති සමාජ රෝගය වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව පොලිසිය කියයි.

ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බවට සැකපිට අරගල ක්‍රියාකාරිකයා ඇතුළු පුද්ගලයන් හත් දෙනකු පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබූවේ අඟුරුවාතොට රෙමුණ වැව අසලදී ය.

කොල්ල කෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මොරටුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අරගල ක්‍රියාකාරිකයකු තවත් පුද්ගලයන් කිහිපදෙනකු සමඟ එක්ව සුරූපී කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ රහසිගත ජාවාරමක් සිදුකරන බවට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් අනුව මෙම සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබිණි.

ජාවාරම මෙහෙයවන ලද අරගල ක්‍රියාකාරී සාමාජිකයා මීට මාස තුනකට පමණ ඉහත දී තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ එක්ව රාත්‍රී කාලයට පමණක් විවෘත කර තිබෙන පැපිලියානේ සිල්ලර වෙළඳසැලක් හිමි ව්‍යාපාරිකයා වෙළඳසැල වසා නිවස කරා යාමට බස් නැවතුමේ සිටියදී ඔවුන් සන්තකයේ තිබූ මුදල් බෑගය කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූවෙක් බවත් පොලිසිය කියයි.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අළු බඳුණ ප්‍රවේශපත්‍රයක් රුපියල් ලක්ෂ 3ක් . . .

Thu Jun 22 , 2023
මෙවර එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සමගින් වන අළු බඳුණ ක්‍රිකට් තරගාවලියේ ලබන 28 වැනිදා ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අලෙවියට ඉදිරිපත් කර තිබෙන වටිනාකමින් වැඩිම ප්‍රවේශ පත්‍රය ඇමරිකානු ඩොලර් 954ක් ලෙස දැක්වේ. ‍එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ තුනට ආසන්න අගයක්ගෙන තිබීම කැපී පෙනෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x