EPF පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ . . .

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සඳට යන්න සුදානම් වන ලුනා . . .

Fri Aug 11 , 2023
රුසියාව සඳට රොබෝ යානාවක් යැවීමට සුදානම් වෙනවා. ඒ සඳ මතුපිට පස්වල ඇති ජල අංශු පරික්ෂා කිරීම සඳහා. අද (11) දින සඳ වෙත ගමන් ගන්නා මෙම යානය නම් කර ඇත්තේ ලුනා 25 ලෙසින්. යානය අභ්‍යවකාශය වෙත ගෙන යාම රුසියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හෙවත් ‘රෝස්කොස්මොස් ‘ ආයතනයට අයත් ‘ සෝයුස් 12 ‘ රොකට්ටුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x