තරුණයා පැහැරගත් ඩිෆෙන්ඩරය හිරුණිකාගේ . . .

කළු පැහැති ඩිෆෙන්ඩර් රියකින් පැමිණ 2015 දෙසැම්බර් 21 දින තරුණයකු පැහැරගැනීමේ සිදුවීමට අදාළව යොදා ගත් එම ඩිෆෙන්ඩර් රථය ලියාපදිංචි අයිතිකරු හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වත්මන් සජිත් පිළේ සංවිධායිකාවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බව, කොළඹ මහාධිකරණයට කරුණු දක්වමින් නීතිපතිවරයා ඊයේ (14) සිදු කර ඇති අනාවරණය අනුව තහවුරු වේ.

ඒ එම නඩුව ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීය.

එම රථය භාවිත කරමින් තරුණයා පැහැරගැනීමට සම්බන්ධ වූ පුද්ගලයින් 08 දෙනකු නඩුවේ චෝදනා පිළිගනිමින් වරද බාරගෙන ඇති බවද කොළඹ මහාධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර එහිදී සඳහන් කර ඇත.

එම නිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව විභාග වන මෙම නඩුව සඳහා එම සාක්ෂි නැවත නැවත කැඳවීම අවශ්‍ය නොවන බවත් විත්තිය එම කරුණු පිළිගන්නේ නම් නඩුව කඩිනමින් විසඳීමට හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එහිදී පෙන්වා දී තිබේ.

ජාතික රූපවාහිනියේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. කාරියවසම් සාක්ෂි දෙමින් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාවක් සිය නාළිකාවේ විකාශය කළ බව සඳහන් කර ඇත. හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ පෙනී සිට තිබේ.

අමිල ප්‍රියංග අමරසිංහ තරුණයා බලහත්කාරයෙන් පැහැරගෙන යෑම, ඊට ආධාර අනුබල දීම, සාපරාධී පැහැරගෙන යාම සහ බිය ගැන්වීම යන දණ්ඩනීති සංග්‍රහයේ දඬුවම් ලැබිය යුතු වරදවල් සිදු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවර ඇත.

නඩුවේ වැඩිදුර විභාගය ලබන මස 04 දින සිදු කිරීමට නියමිතය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පෙරහැරට ගෙනා අලියා සිසුවාට මරු කැදවයි . . .

Fri Sep 15 , 2023
පනාමුර කාවන්තිස්ස රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර වෙනුවෙන් රැගෙන විත් එම විහාරස්ථානයේ බැද දමා සිටි අලියෙකු පහර දී හිස පෑගීම නිසා 12 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් ඇති බව පනාමුර පොලිසිය කියයි. මෙම දරුවා අද දහවල් කිසිවකුට නොදන්වා අලියා බැද සිටි ස්ථානයට ගොස් සිටියදි සිසුවාට මෙම සිද්ධි සිදුව ඇති බව පොලිසිය කියයි. අලියා පෑගීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x