රාජපක්ෂලා මට අදාළ ගෞරවය දුන්නෑ . . .

තමන් මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් තම වෘත්තීය හැකියාවන් උපරිම ලෙස යොදා ගනිමින් කටයුතු කළ බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

තමන් කළ කාර්යය වෙනුවෙන් යුධ ජයග්‍රහණයෙන් පසු තමන්ට නිසි ගෞරවය ලබා දීමට එම කඳවුර අපොහොසත් වූ බව ද ඔහු පවසන්නේ තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමිනි.

එසේ වුවද තමන් දිගින් දිගටම රාජපක්ෂ කඳවුර වෙනුවෙන් පෙනී සිටි බව ද පවසන දිලිත් ජයවීර 2015 වසරේ ජනාධිපතිවරණයට පෙර පැවති සංවාදයක් අතර තුර බැසිල් රාජපක්ෂ සමඟ විශාල මත ගැටුමක් ඇති කරගෙන අදාළ ජනාධිපතිවරණ මෙහෙයුමෙන් ඉවත් වූ බවද සඳහන් කරයි.

ඒ වන විට දුෂිත මැර හොරකම් කරන පාලනයක් ලෙස රාජපක්ෂ පාලනය යලි ගොඩ ගත නොහැකි ලෙස සමාජයේ පහළටම අද වැටී තිබූ බවද ඔහු මෙහිදී සඳහන් කරයි.

දෙරණ මාධ්‍ය ආයතනය තුළ පවතී ඡන්ද විමසීමකින් පවා මෛත්‍රීපාල සිරිසේන 70% ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබූ බවද ඔහු එහිදී හෙලි කර ඇත.

– lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගාසා තීරයේ ගැටුම්වලින් ළමුන් 614ක් මරු දකියි . . .

Sat Oct 14 , 2023
ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙවන් ළමයින් 614 දෙනකු, කාන්තාවන් 370ක් ඇතුළු පුද්ගලයන් 1,900ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 7,500 ඉක්මවා ඇත. ඊශ්‍රායල් බලධාරීන් පවසන්නේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ දී ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන සිටි පුද්ගලයන් පිරිසකගේ මළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x