වැටලීමට ගිය පොළිස් නිළධාරීන්ට ප්‍රහාර . . .

බුලත්සිංහල පහලවෙල්ගම ප්‍රදේශයේ ඊයේ (5) සවස නීති විරෝධී මත්පැන් වැටලිමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට සිදුකළ පහරදීමකින් එම නිලධාරින් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර පහරදීමට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බුලත්සිංහල පහළ වෙල්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 සහ ,හ60 යන වයස් කාණ්ඩ වල පසුවන පුද්ගලයින් බව  පොලිසිය පවසයි

නීති විරෝධී මත්පැන් පෙරණ බවට ලැබුණු තොරතුරක් මත වැටලීමකට ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදුකර ඇති බවත් පහරකෑමට ලක්වූ නිලධාරින් දෙදෙනා ප්‍රතිකාර සඳහා බුලත්සිංහල රෝහලට ඇතුලත් කර ඇතැයිද පොලිසිය පවසයි .

බුලත්සිංහල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන කොස්තාපල් වරුන්වන (92466) වානක සහ (103448) ශෙහාන් යන නිළධාරින් මෙසේ තුවාල ලබා බුලත්සිංහල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටීන බවත් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය විමර්ශන සිදු කරයි .

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් දෙදෙනා අද (06) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර බුලත්සිංහල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඩීසල් තොගයක් ගැන සැකයක් . . .

Tue Nov 7 , 2023
ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් ආනයනය කෙරුණු ඩීසල් තොගයක්  ගැන මතුවූ සැකයක් මත ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී  අද (7)  පැවසීය. ප්‍රමිතියෙන් තොර බව සනාථ වුවහොත් එම ඉන්ධන ගොඩ නොබා නැවත හරවා යවන බවද  ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x