අයවැය මැතිසබයට . . .

ලබන වසර ( 2024)  සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට අද (13) දහවල් 12.00 ට ඉදිරිපත් කෙරේ.

ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරනු ලබන්නේ  මුදල් ඇමැතිවරයා වශයෙනි.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (14) ආරම්භ කෙරේ. එම විවාදය ලබන 21 වැනිදා දක්වා දින හතක් (ඉරිදා දින හැර) එක දිගට පැවැත්වෙන බව  පාර්ලිමේන්තුවේ  මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර පැවසුවාය.

අයවැය දෙවෙනි වර  කියවීමේ ඡන්ද විමසීම මෙම මස 21 වැනිදා අඟහරුවාදා සවස 6.00 ට පැවැත්වීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මෙම  මස 22 වැනිදා බදාදා සිට ලබන  මස 13 වැනිදා බදාදා දක්වා (ඉරිදා දින හැර) දින 19 ක්  පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

අයවැය තෙවැනි  වර  කියවීමේ ඡන්ද විමසීම ( අවසාන ඡන්දය) ලබන මස 13 වැනිදා බදාදා සවස 6.00 ට පැවැත්වේ.

  • සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැතිවරණ ජයට වඩා මට ලොකු රටේ ජය . . .

Mon Nov 13 , 2023
බංකොලොත් රට යළි ප්‍රකෘතියට පත් කිරීමේ මහා දුෂ්කර ව්‍යායාමය මෙවර අය වැය මඟින් ඉදිරිපත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. තමාට වැදගත් වන්නේ මැතිවරණ ජයග්‍රහණයට වඩා රටේ ජයග්‍රහණය බව කී ජනාධිපතිවරයා මෙම අයවැය ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයට පදනම දමන අයවැයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x