අයවැයෙන් පස්සේ ලැබුණ දිවා භෝජනය සංග්‍රහය . . .

ඊයේ (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ඉන් අනතුරුව එනම් ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.

එම දිවා භෝජන සංග්‍රහයට ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහභාගී නොවීය.

නමුත් වාර්තා වන්නේ සමගි ජන සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් එයට සහභාගී වූ බවයි.

කෙසේ වෙතත්, අයවැය කතාවෙන් පසු සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තේ පැන් සංග්‍රහයක් පවත්වනු ලබයි.

නමුත් ඊයේ දහවල් කාලයේ දී ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කිරීම හේතුවෙන් ඒ වෙනුවට දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබිණ.

වීඩියෝ දර්ශන – Hiru News

  • Krishani

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දැවැන්ත අයවැය හිගයක් . . .

Tue Nov 14 , 2023
දැවැන්ත අයවැය හිගයක් සහිත මෙම අයවැය හරහා ජනාධිපතිවරයා සිදුකලේ අනාගතයේ තවත් ණය බෝම්බයක් පුපුරුවා හැරීමට සේවා නූල ගිණි තැබීම යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. ඔහු මේ බව සදහන් කර සිටියේ අද දින (14) පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x