ලෝක ක්‍රිකට් කුසලානයේ අවසන් මහා තරඟයට විශේෂ ගුවන් ගමන් . . .

මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක ක්‍රිකට් කුසලානයේ අවසන් මහා තරඟය වෙනුවෙන් අහමදාබාද් ගුවන්තොටුපොල විශේෂ ගුවන් ගමන් සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබේ.

ඉදිරි සතියක කාලය තුල ගමන් වාර 787 ක ප්‍රමාණයක් ගුවන්තොටුපොල හරහා ක්‍රියාත්මක වීමට නියමිත බවත් ඒ අතරට දේශිය සහ විදේශිය ගුවන් සමාගම් වලට අයත් යානා පවතින බව ද එහි වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම පවතින අධික ඉල්ලුම හේතුවෙන් ගුවන් ටිකට්පත් ගාස්තු ද සීඝ්‍ර ඉහළ යාමකට ලක්ව තිබීම ගුවන් සමාගම් වලට අමතර ආර්ථික වාසියක් අත්කර දෙන්නක් වන අතරම එය 110% සිට 130% දක්වා අගයක් ගන්නා බව වාර්තා වී තිබුණි.

ඉදිරි සතියක කාලසීමව තුල අහමදාබාද් වෙත ඉහළතම ගමන් වාර ක්‍රියාත්මක කරන ගුවන් සමාගම ලෙස ඉන්ඩිගෝ පසුවන්නේ 50% කින් තම ගමන් වාර ප්‍රමාණය ඉහළ දමමින්.

එසේම ආරම්භක තරඟයේ ටිකට්පත් ගාස්තු ඉහළ යාම 410% ක සීමාවට ලඟාවීම ඉන්දීය ගුවන් ප්‍රවාහන ඉතිහාසයේ ගාස්තු ක්ෂණිකව ඉහළ යාම වාර්තා වූ එක් විශේෂ අවස්ථාවක් ලෙස විශ්ලේෂකයන් පවා හඳුන්වා දී තිබුණි.

මෙවර ද ලෝක කුසලාන තරඟාවලියේ නිල ගුවන් ගමන් සන්නාමය ලෙස එමිරේට්ස් කටයුතු කරයි.

එංගලන්ත කණ්ඩායම ඉන්දියාව බලා පැමිනීමේ දී පැය 38 කට අධික කාලයක් ගෙවා දැමීමට සිදුවීම පිළිබඳව බොහෝ දෙනාගේ කථා බහට ලක්වූ අතර ක්‍රීඩකයන් සාමාන්‍ය මගීන් අතර පිරිමැසුම්දායි පන්තියේ ආසන වල ගමන් කරවීමට සලස්වා තිබීම ද දැඩි දෝශදර්ශණයට ලක්ව තිබූයේ ඉන්දීය ලෝක කුසලාන පිපාසාව සංසිදුවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ එක් අවස්ථාවක් ලෙසයි.

කෙසේවෙතත් සමස්ථයක් ලෙස ගත් කල ඉන්දියානු සංචාරක, ප්‍රවාහන, ගුවන්සේවා ඇතුළු ක්ෂේත්‍ර ගනනාවකට මෙම ලෝක කුසලානය ආර්ථික ජවයක් දුන් බව ආර්ථික විශ්ලේෂන උපුටා දක්වා තිබුණි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෝප් කමිටු රැස්වීම් තාවකාලිකව අත්හිටුවයි . . .

Fri Nov 17 , 2023
කෝප් කමිටුවේ රැස්වීම් යළි දැනුම්දෙන තුරු අත්හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බව අබේවර්ධන  වැඩිදුරටත් පැවැසීය. dinamina

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x