ලබන ජනවාරියේ සිට භාණ්ඩ තිහකට හිමිවන නිදහස . . .

මුදල් අමාත්‍යාංශය ජනවාරි මාසයේ සිට භාණ්ඩ වර්ග තිහක් වැට් බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

තිරිඟු පිටි, ළදරු කිරිපිටි, ඖෂධ හා ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද උපකරණ හා නිෂ්පාදන, කෘෂිකාර්මික ට්‍රැක්ටර්, පොහොර, බීජ හා පැළ වර්ග, ඉස්සන් ගොවිපළ භාවිත කරන ආහාර වර්ග, සත්ත්ව ආහාර, කුකුල් කර්මාන්තයට භාවිත කරන ආහාර, රෙදිපිළි කර්මාන්තයේ භාවිත කරන නූල්, අත්යන්ත්‍ර කර්මාන්තයේ භාවිත කරන ඩයි වර්ග ඇතුළු භාණ්ඩ තිහක් මේ ආකාරයට වැට් බද්දෙන් නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ වන විට භාණ්ඩ වර්ග 170කට අයකරන වැට් බද්ද 15%කි.

ලබන වසරේ ආණ්ඩුව තීරණය කර ඇත්තේ වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමටයි.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට හා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරන්නේ විදුලි බිලට වැට් බදු අය නොකරන බවයි.

ඉන්ධන, සෞඛ්‍යය ඇතුළු භාණ්ඩ වර්ග රැසකට ජනවාරි මාසයේ සිට වැට් බදු අය කරන බව සමඟි ජන බල​වේගයේ මන්ත්‍රි හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී ප්‍ර්‍රකාශ කළ අතර ඉන්ධන සඳහා වැට් බදු ය කිරීමට තීරණය කර නොමැති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නොරොච්චෝලේ එක් යන්ත්‍රයක් බිඳ වැටෙයි . . .

Sat Nov 18 , 2023
නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇතිවූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කර ඇතැයි වාර්තා වෙයි. බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර එය ඉතා ඉක්මනින් විදුලි නිෂ්පාදනයට එක්කිරිමට නියමිතය. කෙසේ වෙතත් මෙම බිඳ වැටීම ජල විදුලි නිෂ්පාදනය උපරිමයෙන් සිදුකරමින් කළමණාකරණ්‍ය කිරීමට විදුලි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x