සීනි-සම්බා වෙළෙඳපොළෙන් හැංගෙයි . . .

සහල් සහ සීනි සඳහා පාලන මිලක් නියම කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් වෙළෙඳපොළේ මේ වන විට සීනි සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා ශත 25ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමීම ත් සමග බොහෝ වෙළෙඳුන් සීනි මිල ඉහළ දැමූ අතර එය පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජයට සිදු විය.

ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 275ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රු. 330ක් ලෙසින් උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

වෙළෙඳපොළේ පවතින සීනි හිඟයට අමතරව මේ වන විට සම්බා සහ කිරි සම්බා සහල් හිඟයක්ද නිර්මාණය වී තිබේ.

කෙසේ වෙතත්, පනවා ඇති පාලන මිලෙන් බැහැරව සීනි සහ සහල් අලෙවි කරන පුද්ගලයන් සොයා කරන වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, බදු ඉහළ නැංවීමට පෙර ආනයනය කළ සීනි මෙටි්‍රක් ටොන් 19,000ක් තවමත් රට තුළ පවතින අතර එබැවින් සීනි හිඟයක් හෝ අනවශ්‍ය මිල ඉහළ යෑමක් සිදු වීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ය.

පාලන මිලට වැඩියෙන් සීනි අලෙවි කරන ස්ථාන සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

නියමිත මිලට සීනි මිලදී ගැනීම සහ අනවශ්‍ය සීනි හිඟයක් නිර්මාණය වීම වැළැක්වීම රජයේ පමණක් නොව ජනතාවගේ ද වගකීම බව ත් එවැනි අවස්ථාවලදී පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීම ජනතාවගේ යුතුකම බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

– Mawbima

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහවැලි අධිකාරියෙන් නිවේදනයක් . . .

Mon Nov 20 , 2023
පවතින අධික වර්ෂාවත් සමග කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේවනවිට පිටාර මට්ටමට ආසන්නව පවතිව බවත් මහවැලි අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයෙන් මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ පිටාර මට්ටමට පැමිණි වහාම ජලාශයේ වාන් දොරටු මගින් කොත්මලා ඔයට ජලය මුදා හැරීමට කටයුතු කරන බැවින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x