රට හදන ඇත්තන්ගේ ලයිට් බිල් පොලු . . .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසවල විදුලි සැපයීම වෙනුවෙන් පසුගිය වසර අවසන් වන විට අය වීමට නියමිත ව තිබූ රුපියල් මිලියන 16ක මුදලක ගෙවීම් පැහැර හැර ඇති බව අනාවරණය වී තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව 2022 වර්ෂයට අදාළ ව නිකුත් කළ වාර්තාවට අනුව විදුලි සම්බන්ධතා 74ක් සඳහා වන ගෙවීම් මෙලෙස පැහැර හැර ඇති බව වාර්තා වේ.

එම සම්බන්ධතාවලින් 29කට අදාළ රුපියල් මිලියන 05ක මුදලක් වසර 06ක කාලයක් පුරා අය කර ගෙන නොමැති අතර, තවත් සම්බන්ධතා 30කට අදාළ රුපියල් මිලියන 03ක් වසරකට වැඩි කාලයක් අයකරගෙන නොමැති බව අනාවරණය වී තිබේ.

මේ අතර, 2022 වර්ෂය සඳහා නිසි අනුමැතියකින් තොරව විදුලි බල මණ්ඩල සේවකයන් සඳහා ඉංජිනේරු දීමනා, දිරි දීමනා හා තාවකාලික දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 418ක් වැය කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

භද්‍රානිට එරෙහිව මැකෝගෙන් පරීක්ෂණයක් . . .

Sun Nov 26 , 2023
මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග නොතකා කොළඹ උත්සවයකට දේශපාලඥයන් කැඳවූ බව කියන කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ට එරෙහිව එම කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙසේ දේශපාලඥයන් කැඳවා ඇතැයි පැවසෙන්නේ කොළඹ මහ නගර සභාව විසින් ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොළඹ 12 පීර් සායිබු වීදියේ ඉදිකරන ලද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x