කොළඹ ජාතික රෝහල ඇතුළේ කුලී ත්‍රිරෝද රථ ගාලක් . . .

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය පිහිටි ගොඩනැගිල්ලෙහි ප්‍රධාන ගේට්ටුව දීර්ඝ කාලයක සිට වසා දැමීම හේතුවෙන් රෝගීහු අසීරුතාවට පත්ව සිටිති.

මෙහි රෝගීන්ට පවා ඇතුළු වීමට විවෘතව ඇත්තේ කුඩා ගේට්ටුවක් පමණි. රෝහලට ඇතුළුවන රෝගීන් පරීක්ෂා කර බලා ලියාපදිංචි කර වාට්ටුවලට යොමු කරන්නේද මෙම ගොඩනැගිල්ල තුළය. එහෙත් ඊට ඇතුළු වන ගේට්ටුව වසා දමා තිබීම හේතුවෙන් රෝගීන් අසීරුතාවට පත්ව සිටින අතර පෙරේදා (27 වැනිදා) එම ගේට්ටුවෙන් ගමන් කළ රෝගියකු බිම ඇද වැටී තුවාල සිදුව තිබිණි.

එසේම ප්‍රධාන ගේට්ටුව වසා තිබුණද ත්‍රිරෝද රථ කිහිපයක් පමණක් රෝහල් භූමියේ ගාල් කර තිබෙනු දක්නට හැකිය. මේවායේ රියැදුරන් ගේට්ටු අසල සිටින මුරකරුවන්ට රුපියල් පනහක පමණ සන්තෝසමක් ලබා දී රෝහල් භූමියට දෛනිකව පිවිසෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් “අරුණ’’ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් රෝහල් භූමිය තුළට ඇතුළු වීම වැළැක්වීමට සහ ත්‍රිරෝද රථ ගාල් ඇති කර ගැනීම වැළැක්වීමට මෙලෙස ප්‍රධාන ගේට්ටුව වසා දමා ඇති බවයි.

  • අනීෂා මානගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හොර අධ්‍යාපන සහතික දෙන ආයතනයක් වටලයි . . .

Wed Nov 29 , 2023
ජාත්‍යන්තරය පිළිගත් ඩිප්ලෝමා අධ්‍යාපන ආයතනයක් බව හඟවා ,පාඨමාලා හැදෑරීමෙන් අනතුරුව ලබා දෙන සහතිකයට විදේශ රැකියාවක් ද ලබාගත හැකි බව පවසමින් පුද්ගලයන් රැසකගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ එහි අධ්‍යක්ෂිකාවක් බව කියන කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය කියයි. අධ්‍යක්ෂවරයෙකු බව හඟවමින් සිටි පුද්ගලයෙකු සිද්ධියත් සමඟ පලා ගොස් ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x