පෑනක් විදියට එන අලුත්ම ගිනි අවිය . . .

ඉතා සූක්ෂම ලෙස පෑනක් ආකාරයෙන් සකස් කල විදේශිය නිෂ්පාදිත 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සමඟ අපරාධයකට සැරසුණු පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ඊයේ (01) වන දින යක්කල පොලිස් වසමේ කෙසෙල්වතුගොඩ පාර අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව විදේශිය නිෂ්පාදිත 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පෑනක ආකාරයෙන් සකස්කර ඇති විශේෂිත ගිනි අවියක් සහ 9mm වර්ගයේ උණ්ඩ 01 ක් සහ 9mm වර්ගයේ උණ්ඩ හිස් කොපුවක් සන්තකයේ තබාගෙන කිසියම් අපරාදයක් සදහා සැරසුනු යක්කල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක හා 33 ක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යක්කල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ අභාවප්‍රාප්ත වෙයි . . .

Sat Dec 2 , 2023
ප්‍රවීණ සංගීතවේදියකු වූ ආනන්ද ගමගේ මහතා අභාවප්‍රාප්ත වේ. ඊයේ (01) ඒ මහතා අභාවප්‍රාප්තවන විට 73 වැනි වියේ පසුවිය. දකුණු කළුතර උපත ලද ආනන්ද ගමගේ හැදී වැඩී පාසැල් අධ්‍යාපනය නිමකලේද හලාවත මාදම්පේ ග්‍රාමයේය. කරුක්කුව සුගතානන්ද මහ විදුහල සහ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය ඔහු උගත් පාසැල් විය . ඔහුගේ ප්‍රථම සංගීත ගුරුවරුන් වූයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x