දෘශ්‍යාබාධිතයෝම සුදු සැරයටි හදාගනියි . . .

දෑස් නොපෙනෙන ලක්ෂ හතර හමාරක් වූ දෘශ්‍යාබාධිතයන්ගේ ඇස් දෙක වන් “සුදු සැරයටි” ඔවුන් විසින් ම නිෂ්පාදනය කිරීමේ “sahayogya white cane production” නමින් ස්වයං රැකියා මධ්‍යස්ථානයක් හෝමාගම කිරිවත්තුඩුව මූණමලේ ප්‍රදේශයේ දී ඉකුත් (02) ආරම්භ කෙරිණි.

ඊයේ (03) යෙදී ඇති ජාත්‍යන්තර ආබාධිතයින්ගේ දිනයට සමගාමීව දෘශ්‍යාබාධිතයන්ගේ ජනතා සම්මේලනයේ භාණ්ඩාගාරික ප්‍රියන්ත මල්ලවාරච්චි විසින් මෙම ස්වයං රැකියා ආයතනය ආරම්භ කර තිබුණි. මෙම ස්වයං රැකියා මධ්‍යස්ථානයෙන් දෘශ්‍යාබාධිතයින් දසදෙනකුට රැකියා අවස්ථා 10ක් ලැබී ඇති අතර ඒ හරහා එම පවුල්වල 70 ආසන්න පිරිසකගේ ජීවනෝපාය පහසුකම් සලසා ගැනීමට හැකියාව ලැබීම මෙම වැඩසටහනේ විශේෂත්වය කි.

මීට අමතරව ඉදිරියේ දී මෙම ස්ථානයෙන් අත් වාරු සහ රෝද පුටු නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන අතර මෙම වැඩසටහන දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 24 පුරාවටම ආරම්භ කිරීමට නියමිත බවත් ඒ හරහා සෘජු හා වක්‍ර රැකියා 1000ක් පමණ බිහි වීමට නියමිත බවත් මෙම වැඩසටහනේ නිර්මාතෘ ප්‍රියන්ත මල්ලව ආරච්චි පැවසීය.

මෙම වැඩසටහනට සඳහා මත්තේගොඩ පියරනාරාමාධිකාරි කොටපොල ඥානාවාස හිමි, කඩවත මහාමායා සිල්මාතා ආරාමයේ කඩවත ධම්මදින්න මෙහෙණින්වහන්සේ, එක්සෙල් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මේරි ඩෙකර්මිය, පැරා ඔලිම්පික් සම්මේලනයේ නියෝජ්‍ය සභාපති ප්‍රියන්ත රත්නායක, දෘශ්‍යාබාධිතයන්ගේ ජනතා සම්මේලනයේ ලේකම් නන්දසිරි වනිගසිංහ, දෘශ්‍යාබාධිතයින්ට ජනතා සම්මේලනයේ භාණ්ඩාගාරික ප්‍රියන්ත මල්ලවආරච්චි ඇතුළු විශේෂ අවශ්‍යතා සහිත වූවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

  • කොට්ටාව – ප්‍රදීප් කුමාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මාර්ග නීති කැඩූ පොලිස් ඇමතිගේ පුතා . . .

Mon Dec 4 , 2023
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ පුත්‍රයාට රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් දඩයක් නියම කිරීමේ පුවතක් වාර්තා වනවා. අදාළ තරුණයා එලෙස රථවාහන දඩයකට ලක්ව ඇත්තේ, මහනුවර බලා ගමන් කරමින් සිටියදී ගලගෙදර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් පසුකර යෑමට උත්සාහ දැරීමේ දී සුදු ඉර කැපීම හේතුවෙනුයි. මෙහිදි අමාත්‍යවරයාගේ පුත්‍රයා වරද පිළිගෙන ඇති අතර, ඔහුට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x