අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියම කර ඇති රුහුණු කතරගම ප්‍රධාන දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩාව භාර කපුවා අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි.
පාතාල නායක අංගොඩ ලොක්කා විසින් කතරගම මහා දේවාලයට පූජා කරන ලද පවුම් තිස් අටක රන් තැටිය අතුරුදහන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.
මොවුන් දෙදෙනාම දකුණු පළාතෙන් පිටව ගොස් වෙනත් පළාතක ආරක්ෂකව සිටින බවත් දේශපාලන සහාය මැද නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමේ සූදානමක් ඇති බවත් දේවාලයේ වෙනත් කපුවෙකු දන්වා ඇත.
මේ අතර මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් හා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කතරගම දේවාලයට පැමිණි අවස්ථාවේද ප්‍රධාන කපුවා එම අවස්ථාවට සහභාගි වී නැත.
- lanka C news