සල්ලි හොයන්න ඇඟ විකුණන පාසල් සිසුවියෝ . . .

පසුගිය දින කිහිපය පුරා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පාසල් ළමුන් ඉලක්ක කර මත් පෙති හා කරල් විකුණන ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත. මේ පිළිබඳ තොරතුරු සොයාබැලීමේ දී අනාවරණය වන්නේ වැඩි වශයෙන් කොළඹින් දුර බැහැර අනුරාධපුර ආදී නගරවල මත් පෙති හා මත්කරල් ජාවාරමට වැඩි වශයෙන් පාසල් සිසු සිසුවියන් ඇබ්බැහි වී ඇති බවයි.

ගුවන් හමුදා බුද්ධි ඒ්කකයෙන් ලබාදුන් තොරතුරු අනුව පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අනුරාධපුර, 04 කණුව අසල සිදුකළ වැටලීමකදී පාසල් දරුවන්ට මත් කරල් අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අංගුවට ගෙන ඇත .

අද දිනයේ ද අනුරාධපුර යුද හමුදා බුද්ධි අංශ නිලදාරීන් ලබාදුන් තොරතුරු මත මත්පෙති දහසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු අදාළ මත්පෙති තොග රැගෙන තිබුනේ අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ඔසුසලකින්.

වැඩි වශයෙන් අනුරාධපුර නගරයේ පාසල් සිසුවියන් ඉලක්ක කර පවත්වාගෙන යන මෙම මත් පෙති හා මත් කරල් ජාවාරම හරහා දැරියන් දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

මත් පෙති ලබාගැනීමට මුදල් සොයා ගැනීම සඳහා පාසල් තුළදීම සිසුවියන් විසින් පිරිමි දරුවන්ට තම ලිංගික අවයව ස්පර්ශ කිරීමට ඉඩ දී මුදල් ලබාගැනීමට පෙළඹී ඇති බවත් ඔහු හෙළි කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මා හා ජලනි පාරිශුද්දයි . . .

Mon Dec 11 , 2023
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක (ආවරණ) එන්. වී. ටී. ධම්මික නම් පුද්ගලයකු සකස් කරන ලද විගණන වාර්තාවක් සභාගත කර ඇති බවත් එම විගණන වාර්තාවේ සදහන් සියලු තොරතුරු විපක්ෂ නායකවරයාට සහ ඔහුගේ බිරිඳට මඩ ගැසීමේ අරමුනින් රජය විසින් සකස් කරන ලද්දක් බවත් ඒ සඳහා සාක්ෂි සහිත බවත් විපක්ෂ නායක සජිත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x