කෝච්චියක් හැතැප්ම හතරක් රිවර්ස් එකේ . . .

කොළඹ කොටුවේ සිට මීරිගම  බලා ධාවනයවූ මන්දගාමී දුම්රියක් හුණුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ඇතිවූ  කිසියම් දෝෂයක් හේතුවෙන්  එම ස්ථානයේ සිට කැලණිය දුම්රිය ස්ථානය   දක්වා  සැතපුම් හතරක්  පමණ පසුපසට ගමන් කරවීමට ඊයේ (1) සිදුවිය.

ඒ ආකාරයට පිටුපසට ධාවනය  කර  කැලණිය දුම්රිය ස්ථානය අසලට ළඟාවීමෙන් පසු  වෙනත්  දුම්රිය මාර්ගයක් ඔස්සේ දුම්රිය ඉදිරියට ධාවනය කරවීමට  එහි රියදුරෝ පියවර ගත්හ.

මේ හේතුවෙන් දුම්රිය පැයකට ආසන්න කාලයක් ප්‍රමාදවීමෙන් ජනතාව දැඩි  දුෂ්කරතාවයට පත්වූහ.

දුම්රිය මෙසේ පසුපසට ධාවනය කෙරුණේ දුම්රිය බලධාරීන්ගෙන්  ලබාගත් විශේෂ අවසරයක් අනුව බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය පොළෙන් ගමන් ආරම්භ කළේ රාත්‍රී 9.45 ට පමණය. ඊට විනාඩි පහළොවකට පමණ පසුව හුණුපිටිය දුම්රිය ස්ථානය අසලට ළං  වෙද්දි මෙම සිද්ධියට මුහුණ දුන්නේය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

VAT ගැන ඔබ දැනගත යුතුම කරුණු 5ක් . . .

Tue Jan 2 , 2024
2024 ජනවාරි 01 වැනිදා සිට VAT නොහොත් එකතු කළ අගය මත බද්ද, 15% සිට 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීම පසුගිය දිනවල කතාබහට ලක් වූ කරුණක් විය. වක්‍ර බද්දක් වන මෙම බද්ද භාණ්ඩ හා සේවා මිල දී ගනු ලබන සෑම පාරිභෝගිකයෙකුට ම ගෙවීමට සිදුවන බද්දකි. රජය මෙම බදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x