සුරාබදු දෙපාර්තමේන්තුව කොට උඩ . . .

ඉදිරියේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ, එහි ප්‍රධාන නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන්.

මේ අනුව තවත් මාස 05ක් ඇතුළත ප්‍රධාන පරිපාලන නිලධාරීන් සිව්දෙනෙකුම විශ්‍රාම යාමට නියමිත අතර පරිපාලනය සිදුකරන නිලධාරීන් 06 දෙනාගෙන් සුරාබදු කොමරිස්වරයා සහ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගෙන තිබෙනවා.

එමෙන්ම වැඩබැලීමට පත්කර ඇති කොමසාරිස්වරයාද පෙබරවාරි 25 වනදින විශ්‍රාම යාමට නියමිත බව සඳහන්.

ඒ, අනුව මේ හේතුවෙන් ඉදිරියේදී රාජගිරියේ පිහිටි සුරාබදු ප්‍රධාන කාර්යාලයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර මේ පිළිබඳ අවධානය යොමු කරමින් සුරාබදු විධායක නිලධාරීන්ගේ සංගමය විසින් රජයෙන් ඉල්ලා ඇත්තේ සිටින අත්දැකීම් අඩු නිලධාරීන් පුහුණු වන තෙක් ප්‍රධාන නිලතල දරණ නිලයන් විශ්‍රාම නොයවන ලෙසයි.

එමෙන්ම සුරාබදු විධායක නිලධාරීන් සඳහන් කරන්නේ, රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම මඟින් රටට බදු මුදල් අවශ්‍යම මොහොතක ඒවා එක්රැස් කිරීමට නොහැකි වන බවයි.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 6 ක හෂීෂ් රේගුවේ හිරවෙයි . . .

Wed Jan 3 , 2024
ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ තෑගි පාර්සලයක තිබී නීති විරෝධීව රට තුළට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුත්  හෂීෂ් වර්ගයේ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.091ක් ශ්‍රී ලංකා රේගුවේ අදායම් අධීක්ෂන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ පැවසීය. සීදූව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x