ඉන්දියාවෙන් නොමිලේ දුම්රිය එන්ජින් . . .

ඉන්දීය රජය විසින් දුම්රිය එන්ජින් 20 ක් නොමිලේ ශ්‍රී ලංකාවට ලබා දීමට ඉදිරිපත්ව තිබේ. 

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර සඳහන් කළේ, එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමග භාවිතයෙන් ඉවත් කළ ඩීසල් එන්ජින් 20 ක් දිවයිනට ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඒවා මෙරට මාර්ගවල ධාවනය කළ හැකිද යන්න පසුගියදා ඉන්දියාවට ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් පරීක්ෂා කර තිබේ.

ඒ අනුව දුම්රිය එන්ජින් දෙකක් පෙබරවාරි මාසයේදි මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සේවකයන්ට සමාජ ජාලා තහනම් කරමින් චක‍්‍රලේඛයක් . . .

Fri Jan 5 , 2024
ලංකා විදුලි වල මණ්ඩලයේ සේවකයන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබේ. මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිගේ අත්සනින් යුතුව නිකුත් කළ චක්‍රලේකයක් මගින් මෙම තහනම පනවා ඇත. මණ්ඩලයේ කිසිදු සේවකයකුට කිසිදු හේතුවක් මත සමාජ මාධ්‍ය සඳහා තම නිල අනන්‍යතාවය හා තොරතුරු ඒ අනුව භාවිතා කළ නොහැකිය. මණ්ඩලයේ රහස් තොරතුරු හෙළි කිරීම, අසත්‍ය හෝ දේශපාලනික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x