සිංගප්පූරු ඇමැති, ධුරයෙන් ඉවත් වෙයි . . .

දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ, සිංගප්පූරු කැබිනට් අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඉන්දීය සම්භවයක් ඇති 61 හැවිරිදි සුබ්‍රමනියම් ඊශ්වරන්, 2021 සිට මේ දක්වා සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඊශ්වරන්ට චෝදනා 27 ක් එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන්, විමර්ශන ආරම්භ වූයේ පසුගිය 2023 ජූලි මාසයේය. පාර්ලිමේන්තු නියෝජිතයකු ලෙස  ඊශ්වරන්ට මාසිකව සිංගප්පූරු ඩොලර් 15,000 කට වැඩි මුදලක් හිමිවිය.

සිංගප්පූරුවේ ප්‍රකට දේපොල ව්‍යාපාරියකු වන ඔන්ග් බෙන් සෙන්ග්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරමින්, ගුවන් ගමන් යෑම, සුඛෝපබෝගී හෝටලවල නවාතැන් ගැනීම, ‘ෆෝමියුලා 1’ මෝටර් රථ ධාවන තරග සඳහා ටිකට් පත් තෑගි ලෙස ලබා ගැනීම ආදී චෝදනා රැසක් සුබ්‍රමනියම් ඊශ්වරන්ට එල්ල වී තිබේ.

සුබ්‍රමනියම් ඊශ්වරන්, ඔහුට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වූ අවස්ථාවේ, චෝදනා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා පැවැසුවේ, 2023 ජූලි මාසයේ සිට තමන්ට හිමි වැටුප් සහ දීමනා මුදල් ආපසු ලබා දෙන බවය.

සිංගප්පූරුවේ අමාත්‍යවරයකු අවසන් වරට, මේ අයුරින්, දූෂණ විමර්ශනයකට මුහුණ දීමට සිදුවූයේ 1986 වසරේදීය.

ලොව පිරිසුදුම දේශපාලනඥයන් සිටින්නේ සිංගප්පූරුවේ යැයි පැවැසෙයි. සිංගප්පූරුවේ අමාත්‍යවරුන් ලොව ඉහළම වැටුප් ලබන මහජන නියෝජිතයන් වන අතර, ඔවුහු මසකට සිංගප්පූරු ඩොලර් 45,000 කට (ශ්‍රී ලංකා රුපියල් 10,757,000 ක් පමණ) වඩා ආරම්භක වැටුපක් උපයති.

සිංගප්පූරු අමාත්‍යවරුන්ට ඉහළ වැටුපක් ලබා දීම සිදුවන්නේ ද වංචා සහ දූෂණ වලක්වා ගැනීමටය.

  • සිංගප්පූරු පුවත් සේවා ඇසුරිනි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රැඟුම් පාලක මණ්ඩලය අහෝසියි . . .

Thu Jan 18 , 2024
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය අහෝසි කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලය පිහිටුවන නව පනත් කෙටුම්පත ඒ සඳහා පත්කළ කමිටුව විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක ට ජනාධිපති කාර්යාලයේදී බාර දුන්නේය. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කිරීම පදනම් කරගනිමින්  ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත සැකසීම සඳහා  සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x