‘දසබල සේනා’ අරඹයි . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීම ආරම්භ කිරීමට නියමිතය.

මහ නගර සභා, නගර සභා,  ප්‍රාදේශීය සභා සහ ග්‍රාමීය මට්ටම් වල සියළු නායකයින් මෙහිදී මුණ ගැසීමට නියමිත බව නාමල් රාජපක්ෂ පවසයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කරන ලද පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලට සමගාමීව මෙම “දසබල සේනා” වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

මෙහිදී කොලඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හෙට (22) මොරටුවෙන් ”දසබල සේනා” වැඩසටහන ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි .

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවීමත් බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම මෙහි අරමුන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සදහන් කලේය.

මීට අමතරව පොහොට්ටුවට එල්ල කරන අසත්‍ය චෝදනා පිලිබදව දැනුවත් කර සත්‍ය කුමක්දැයි ග්‍රාමීය නායකයින් දැනුවත් කිරීමටද සූදානම් බව ඔහු පැවසීය.

මීට අමතරව එක් ග්‍රාමසේවා වසමකින් ක්‍රියාකාරී සාමාජිකයින් දස දෙනෙකු තෝරාගෙන පක්ෂ අසත්‍ය ප්‍රකාශ වලට පිලිතුරු දීම සදහා සූදානම් කරවන බවද ඔහු පැවසීය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තරුණ පිරිස ලක්‍ෂයක් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි නොවෙති . . .

Sun Jan 21 , 2024
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන් ලක්ෂයක පිරිසක් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය. 2023 ඡන්ද හිමි නාම ලේඛන සැකසීමේදී මේ පිළිබඳව අනාවරණය වී තිබේ. ඒ අනුව 2023 ඡන්ද හිමි නාම ලේඛන සැකසීමේදී තරුණ ඡන්ද දායකයන් පිළිබඳ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x