කාන්තා හිංසන ගැන දැනුම් දෙන්න විශේෂ අංකයක් . . .

මෙරට කාන්තා හිංසනය තුරන් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ 109 දුරකථන අංකයට අමතා පැමිණිලි කරන ලෙසයි.

එම පැමිණිල්ල ලෑබී පැය 48ක් ඇතුළත එය විසදීමට කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වේයන්ගොඩ පොලිස් වසමේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ යුක්තිය වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුම්වත් කිරීමේ තවත් අදියරක් වේයන්ගොඩ පොලිස් වසම කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයගේ ප්‍රධානත්වයෙනි.

එහි දී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ,

“මේ කාන්තාවෝ සහ දූදරුවන් අතවරයට ලක්වෙන අවස්ථා, මේ නිරුවත් ඡායාරූප කාන්තාවන්ගේ ළමයින්ගේ ලක්ෂයට වඩා සැරිසරලා තියෙනවා සමාජ මාධ්‍ය ජාලයේ ගිය අවුරුද්දේ පමණක්. ඉතින් ඒවා ඔක්කොම හිතලා තමයි අපි මේ පනතක් ගෙනාවේ ඊයේ පෙරේදා. කාන්තාවෝ දන්නවා බස් එකක යන්න බෑ. මම කියලා තියෙන්නේ බස්වල යන්න හේත්තු දාපු එකෙක් අහු වුණොත් බෙල්ලෙන් අල්ලා ගෙන්න. සමහර හන්දිවලින් යනකොට කාන්තාවන්ට විසිල් ගහනවා එක්කෝ අසභ්‍ය වචන කියනවා. ඒවා නවතින්න ඕනේ. කාට හරි කරදයක් වෙනවා නම් 109 අමතලා පැමිණිල්ල කරන්න අපි පැය 48ක් තුළ ඒ ප්‍රශ්නය විසඳනවා.”

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගාලු සංවර්ධනයට විශේෂ කොමිසමක් . . .

Sun Jan 28 , 2024
ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. ගාල්ල සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාල්ල නගරයේ සහ ගාල්ල කොටුව ප්‍රදේශය අවට සංචාරය කරමින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය. ගාල්ල කොටුවේ පිහිටි රාජ්‍ය ආයතන සහ කාර්යාල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x