තොරණ් බස් නිසා ජනතාවට දැඩි පීඩා . . .

නුවරඑළිය සංචාරය සඳහා පැමිණෙන අධික ආලෝක රටා සහ ශබ්ද විහිදන බස් රථ හේතුවෙන් තමන් දැඩි පිඩාවට පත් වන බව නුවරඑලිය සංචාරය සදහා පැමිණෙන අනෙකුත් වාහන රියදුරන් සහ ප්‍රදේශවාසින් චෝදනා කර සිටියි.

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළිය නගරයට සංචාරය සඳහා පැමිණෙන බස් රථවලින් විශාල ප්‍රමාණයක් මෝටර් රථ නියාමන නීති මාලාවට පටහැනිව බස් රථය පුරාවට අධික එළියක් විහිදෙන ආලෝක රටාවන් සහ විශාල ශබ්ද සහිත නලා සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර ගනිමින් නුවරඑළිය නගරය පුරාවට සංදර්ශන පැවැත්වීමෙන් අවට ප්‍රදේශයන් වල ජීවත්වන රෝගීන්, මහජනතාව සහ වාහන රියදුරන් දැඩි ලෙස අපහසුතාවයට පත්වි ඇත.

මහජනතාව නගන චෝදනාව පිළිබඳව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි ගෙන් අප කළ විමසුමකට ඔහු කියා සිටියේ මින් ඉදිරියට නුවරඑළියට පැමිණෙන එවන් බස් රථ පිළිබඳව සොයා බලා මෝටර් රථ ආඥා පනතට පටහැනිව අලංකාර කටයුතු හා නලා ඇතුළු ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර ඇත්තේ නම් එම බස් රථ හිමිකරුවන්ට හා රියදුරන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ අසිපත භාර දෙයි . . .

Tue Jan 30 , 2024
විශ්‍රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම අද (30) පෙරවරුවේපාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදී සිදු විය. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කොට අද (30) දින විශ්‍රාම ගැනීමට නියමිත බැවින් සාම්ප්‍රදායානුකූලව අනුප්‍රාප්තික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x