සජබේ රැලියකට අධිකරණයෙන් තහනම් නියෝගයක් . . .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසකට මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ වීදි කිහිපයක වාහන ගමනාගමනයට බාධා කිරීම තහනම් කරමින් කොළඹ අංක 04 මහේස්ත්‍රාත් අද (30) අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙයි.

ඒ අනුව මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියෙන් ප්‍රදීපා මාවත, සද්ධර්ම මාවත, ජයන්ත විරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත සහ ජුම්මා හන්දිය හරහා සංඝරාජ මාවතේ කටයුතු අවහිර කිරීම අධිකරණ නියෝගයෙන් තහනම් කර ඇත.

සමගි ජන බලවේගය  (30) කොළඹදී සූදානම් කර ඇති විරෝධතාවයක්  හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නිදහස් දින පෙරහුරුවේ දී පැරෂුට් අනතුරක් . . .

Tue Jan 30 , 2024
නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබේ. පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති අතර අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් බව වාර්තා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x