අමරවීර හා සුමතිපාල ඉල්ලා අස්වෙති . . .

මහින්ද අමරවිර සහ තිලංග සුමතිපාල  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. එම ඉල්ලා අස්විමේ ලිපි ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දී ඇති බව වාර්තා වෙයි.

නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන ට එම සන්ධානයේ විධායක සභාව කැඳවීමට බලයක් නොමැති බව සහ ප්‍රධාන ලේකම් ධුරය සඳහා තමන් පත්කිරීම අභියෝගයට ලක්කරමින් මහින්ද අමරවීර විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනුකර ඇති නඩුව ඔහු සහ අනෙකුත් වග උත්තරකාර පාර්ශ්වයන් විසින් ඉල්ලා අස්කරගන්නේ නම් තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දෙන ලද බව සදහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ‘පුටුව’ ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමේ සියලු කටයුතු අවසන් ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව සුදුසු නැකැතක් සකස් කර ලඟදීම නව සන්ධානය කොළඹදී එළිදැක්වීමට තීරණය කර තිබේ.

සියලු පක්ෂ, කණ්ඩායම් සහ මන්ත්‍රිවරුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර විශාල පිරිසක් නව සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇති බවත් ඒ අනුව ‘පුටුව’ ලකුණෙන් පොදුජන එක්සත් පෙරමුණ නමින් නව සන්ධානය එළිදැක්වීමට ඔවුන් එකඟතා පළ කර තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊට අදාලව එම පෙරමුණේ ව්‍යවස්ථාවට සංශෝධන කිහිපයක් එක් කර ඇති අතර එයද කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මහා සම්මේලය මගින්ද අනුමත කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද 45කට අධික පිරිසක් ‘පුටුව’ ලකුණෙන් සන්ධාන ගත වීමට කැමැත්ත පළ කර තිබෙන බවත් එම පෙරමුණට නව නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට තීරණය කර තිබෙන අතර සන්ධානයට එක්වන පක්ෂවල එකඟතාව මත ලබන සතියේ අලුත් නිලධාරී මණ්ඩලයක්ද පත් කිරීමට  නියමිත බවත් වාර්තා වේ.

  • Repoter
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මේ භයානක අපරාධකරුව ඔබත් දැක්කද . . .

Thu Feb 1 , 2024
පොලීසිය විසින්, මෙරට සිදුවූ ආන්දෝලනාත්මක ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරනවා. පොලීසිය විසින් අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුගේ ඡායාරූපයක් මාධ්‍යට නිකුත් කර තිබුණි. එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් අංක ඔස්සේ කොල්ලුපිටිය පොලීසියට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටී. එම දුරකථන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x