සෞඛ්‍ය වර්ජනය දිගට ම . . .

සෞඛ්‍ය අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය සිය වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ කිසිදු සහයෝගයක් ලබා නොදීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඊයේ (පෙබ. 1) තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය පිළිබඳ රජය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් සිය ඉල්ලීම්වලට සාධාරණ ප්‍රතිචාරයක් දක්වනතුරු සිය වැඩ වර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ඊයේ සවස රැස්වූ වෘත්තීය සමිති 72ක නායකයන් තීරණය කළේ යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුමකට පැමිණීම සඳහා සාකච්ඡාවට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා සිය සන්ධානයේ නියෝජිතයන් ඕනෑ ම අවස්ථාවක ඒ සඳහා සහභාගි වන බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරුවෙකු වන රවී කුමුදේශ් ‘මව්බිම’ට පැසීය.

මේ අතර, දිවයින පුරා රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ආරක්ෂක අමාත්‍යංශයෙන් සිදුකළ ඉල්ලීමට අනුව අවශ්‍යතාවය පරිදි යුද්ධ හමුදා භට පිරිස් ඊයේ යොදවනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේගේ උපදෙස් පරිදි මෙය සිදු වේ. ඒ අනුව දැනට බටහිර, නැගෙනහිර, මධ්‍යම සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද මාතර, බළන්ගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මීරිගම, හෝමාගම සහ කෑගල්ල ඇතුළුව රෝහල් 26ක දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා භට පිරිස් යොදවා ඇත.

මේවන විට එම රෝහල්වල අවශ්‍යතාවන් අනුව යුද්ධ හමුදාවේ 700කට ආසන්න භට පිරිසක් යොදවා ඇති අතර හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීමට අමතර භට පිරිස් සූදානම් කරන ලෙසත් වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහ ජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු ම පියවර ගන්නා ලෙසත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

  • ඉරෝෂා දීපානි, චාමර අමරසූරිය
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තු කල් යයි . . .

Fri Feb 2 , 2024
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වී තිබෙන බව වාර්තා වනවා. ඒ, උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මෙවර ලබා නොදුන් බව ප්‍රකාශ කරමින්. මේ අනුව, උසස් පෙළ පිළිතුර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ලබාදුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x