රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ලොහාන් ඉල්ලා අස්වෙයි . . .

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක ඊයේ දිනයේ නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

පසුගිය 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේගේ පත්වීම හා ඉවත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් නිකුත් කර තිබේ.

පළමු ගැසට් නිවේදනයේ දැක්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 29 වැනිදා සිට ලොහාන් රත්වත්තේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කර ඇති බවයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙලිය රක්ෂිත බන්ධනාගාර ගත කරයි . . .

Sat Feb 3 , 2024
හිටපු සෞඛ්‍ය අමාත්‍ය වර්තමාන පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එළැඹෙන පහළොස්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. ආන්දෝලනාත්මක ප්‍රමිතියෙන් තොර ඉමියොනෝග්ලෝබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල නියෝගයකට අනුවයි. ඒ අනුව ඊයේ (02) පෙරවරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x