කෙහෙලිය රක්ෂිත බන්ධනාගාර ගත කරයි . . .

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වර්තමාන පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එළැඹෙන පහළොස්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ආන්දෝලනාත්මක ප්‍රමිතියෙන් තොර ඉමියොනෝග්ලෝබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල නියෝගයකට අනුවයි.

ඒ අනුව ඊයේ (02) පෙරවරු 09.00 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනිසිටියේය.

පැය 10 ආසන්න කාලයක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනීම සිදුවිය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බදුල්ල ඩිපෝවේ බස් සේවකයන් සේවයෙන් ඉවතට . . .

Sat Feb 3 , 2024
ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ බස් සේවකයන් හා සීමාසහිත බදුල්ල අන්තර් පළාත් මගී ප්‍රවාහන සංගමය අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වක් හේතුවෙන් බදුල්ල ඩිපෝ බස්රථ සේවකයන් සේවයෙන් ඉවත් ව තිබේ. එම ඩිපෝව මගින් ධාවනය වන බස්රථ ධාවනය ඊයේ (02) පස්වරුවේ සිට නතර වීම හේතුවෙන් මගීන් මහත් අපහසුතාවට පත් ව සිටින බව වාර්තා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x