ඛනිජ තෙල් ගබඩාවේ දත්ත ලක්ෂ 13ක් මකලා . . .

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ 2010 වසරේ සිට 2022 වසර දක්වා වූ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධ තොරතුරු දත්ත ලක්ෂ 13ක් එහි ප්‍රධාන පද්ධති යෙදුමෙන් (Sales and Distribution Module – SAP) සම්පූර්ණයෙන් ම මකා දමා හෝ වෙනස් කර ඇති බවත් මෙයින් බහුතරය සිදුවී ඇත්තේ ජනතාව ඉන්ධන පෝලිම්වල මියයන තත්ත්වයක් නිර්මාණය වූ ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේදී බවත් වෝහාරික විගණනයකින් හෙළි වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අනාවරණය සිදු වී ඇත.

විදුලි බල ඇමතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ පැමිණිල්ල කර තිබුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මීට පෙර සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂණයකදී තොරතුරු පද්ධතියේ දත්ත විකෘති කිරීම මගින් ඉන්ධන ලීටර් මිලියන හතරක් අනීතිකව විකිණීමක් අනාවරණය වීම පදනම් කරගෙන ය.

මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටියේ KPMG ආයතනය විසින් සිදුකළ වෝහාරික විගණනයේ හඳුනාගත් මූලික කරුණු ඊයේ (පෙබ. 15) සවස එම ආයතනයේ නියෝජිතයන් විසින් ඔහු වෙත ඉදිරිපත් කරනු ලැබූ බව ය.

ඒ අනුව, 2010 වසරේ සිට තොරතුරු දත්ත ලක්ෂ 13ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් මකා දමා හෝ වෙනස් කර ඇති බව ද ඉන් බහුතරය 2022 වසරේදී ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ සිදුව ඇති බව ද ඇමතිවරයා කීය.

2022 වසරේ සිදුකළ පැමිණිල්ලට පසුව 2023 වසර වනවිට එම දත්ත මකා දැමීම් හෝ වෙනස් කිරීම් අඩුවීමක් ඇති වී ඇති බව ද අමාත්‍යවරයා පවසා සිටියේ ය.

  • මෙත්මලී දිසානායක, චාමර අමරසූරිය
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

CID අත්අඩංගුවට පත් කෝටිපතියා . . .

Fri Feb 16 , 2024
පෙරේදා (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ විමර්ශන අංක 01හි නිලධාරීන් පිරිසක් විසින් නීතිවිරෝධීව වත්කම් උපයා ගත් බවට සැකපිට මිද්දෙණිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී නිලධාරීන් විසින් ඔහු සන්තකයේ තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා මෝටර් රථ 02 ක්, මීගස්ආර ප්‍රදේශයේ සැකකරු විසින් ඉදිකොට ඇති වායු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x