වතුකරයේ ජනතාව බුද්ධිමත් . . .

වතුකරයේ ජනතාව ආර්ථිකමය වශයෙන් පහට මට්ටමක සිටියත් ඔවුන් බුද්ධිමත් බවත්, එම නිසා ජනාධිපතිවරණයේදි ඔවුන් හොද තිරණයක් ගන්නා බව සමගි ජන බලවේගයේ පා.ම වඩිවේල් සුරේෂ් පැවසිය.

වඩිවේල් සුරේෂ් ඒ බැව් කියා සිටියේ (15) දින හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල රොසැල්ල ගනේෂා දමිල මහා විද්‍යාලයේ පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක් වු වඩිවේල් සුරේෂ් කියා සිටියේ,

ජනාධිපතිවරයත් කියනවා ජනාධිපතිවරණය තියනවා කියලා , මැතිවරණ කොමසාරිවරයා ව්‍යාවස්ථාන අනුව කටයුතු කරයි කියලා මම හිතනවා. ඔක්තොම්බර් මස වෙද්දි තමයි ව්‍යාවස්ථාන අනුව නව ජනාධිපතිවරයෙක් පත් වෙන්න ඕනි.

රට දැන් ආර්ථික වශයෙන් ගැටළු වලට මුහුණ දිලා තියෙන අවස්තාවක් ඒ නිසා පාට පක්ෂ භේද අමතක කරලා සියළු දෙනා එකතු වෙලා සුදුසු කෙනෙක් ජනාධිපතිවරයා වශයෙන් තොරාපත් කර ගන්න අවශ්‍යයි.

එහෙම නැතුව දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කලොත් රට වැටෙනවා ආයේ, පාකිස්ථානයට වෙලා තියෙන දේ පේනවනේ ?

මේ රටේ ජනාධිපති කෙනෙක් වෙන්න 51% ක් ජන්ද ලබා ගන්න ඕනි , පක්ෂ වලට බෙදිලා ජන්ද කැලි කැලි කඩන්නේ නැතුව හැමෝම එකතු වෙලා එක් ජනාධිපතිවරයෙක් තොරාපත් කර ගන්න අවශ්‍යයි.

ජනාධිපතිවරයා වටේ ඉන්නේ පොදු ජන පෙරමුණ ඒ නිසා ඒ අය ස්වාධින කෙනෙක් පත් කරයි , කදුරට ජනතාව හැටියට අපි කියන්නේ පාට පක්ෂ භේදයක් නැතුව කටයුතු කරන කෙනෙක් ජනාධිපතිවරයා වශයෙන් පත් කල යුතුයි කියලා.

කදුකරයේ ජනතාවගේ නිවාස , අධ්‍යාපන ගැටුළු විසදෙන්න ඕනි , වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න අවශ්‍ය කියලා තියෙනවා අපි වතු සමාගම් සමග සාකච්ඡා කරලා.

අපේ ජනතාව ඊලාම් ඉල්ලන්නේ නැ , ආයුධ ඉල්ලන්නේ නැ ඒ අය ඉල්ලන්නේ කරන වැඩට හරියන වැටුපක් පමණයි. වතුකරයේ ජනතාව ආර්ථික වශයෙන් පහල මට්ටමක හිටියත් හොදට ඉගෙන ගෙන තියෙනවා ඒ නිසා මැතිවරණයේදි ඒ අය අවශ්‍ය වේලාවට සුදුසු තිරණයක් ගනි යනුවෙන් පැවසිය.

  • රංජිත් රාජපක්ෂ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජා භූමි ලෙස නම් කෙරේ . . .

Fri Feb 16 , 2024
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරේ. එම භූමි ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x