එළවළු පහළට, බිත්තර ඉහළට . . .

වෙළෙඳපොළේ එළවළු මිල අඩුවී තිබුණ ද බිත්තරයක සිල්ලර මිල රුපියල් 70 දක්වා ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ, පසුගිය කාලයේදී රුපියල් 3,000ක්වූ කැරට් කිලෝවක් ඊයේ (පෙබ. 18) වනවිට වෙළෙඳපොළේ රුපියල් 500ක් දක්වා පහළ බැස ඇති බව ත් බෝංචි කිලෝවක් රුපියල් 550, ගෝවා රුපියල් 300, ලීක්ස් රුපියල් 200, වම්බටු රුපියල් 150, තලනබටු රුපියල් 110ක් සහ රාබු, නෝකෝල් සහ කෙසෙල්මුව රුපියල් 50ක් වැනි අගයක් දක්වා පහත වැටී ඇති බව ත් ය.

ආර්ථික මධ්‍යස්ථාන වෙත විවිධ ප්‍රදේශවලින් එළවළු විශාල වශයෙන් ලැබෙන බව ත් වෙළෙඳුන්ගේ පැමිණීම අඩු වී ඇති බව ත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙන්දෝ පැවැසූහ.

බිත්තර මිල ඉහළ යාමට කිසිදු හේතුවක් නැති අතර පසුගිය සතියේ බිත්තරයක තොග මිල රුපියල් 58ක් වී ඇති අතර එළඹෙන සතිය වන විට බිත්තරයක සිල්ලර මිල බොහෝවිට රුපියල් 58ක් දක්වා පහත යනු ඇතැයි ද සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, එළවළු, මස් සහ මාළු මිල ශීඝ්‍රයෙන් පහත බැසීම නිසා බිත්තරයක තොග මිල රුපියල් 52 දක්වා අඩු කිරීමට ඉඩ ඇති බව ය.

  • ඉරෝෂා දීපානි, සමන් නැදුන්ගමුව – බොරලන්ද
  • ඩී.එම්.ඩී. සිසිර – නව තිස්පනේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රිකට් නිසා දඹුල්ල උණුසුම් වේ . . .

Mon Feb 19 , 2024
දඹුල්ල ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් අද ඇති විය. ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග සඳහා ප්‍රවේශ පත්‍ර ඉල්ලමින් ක්‍රීඩා ලෝලීන් එහි තිබූ තාවකාලික යකඩ වැටවල් පවා බිඳ දැමීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ ඉදිරි තරග දෙක සඳහා වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x