බන්ධනාගාරයේ සිට මෙහෙය වූ කුඩු ජාවාරම පිටුපස ළඳක් . . .

අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී ඊයේ (20) සවස මෙම ජාවාරම්කාරිය හා ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන අනුරාධපුර පොලිසිය පවසන්නේ දැනට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිටින ‘ රැවුල් කුමාර හා ගලහා කුමාර ‘ අනුවර්තන නම්වලින් හඳුන්වනු ලබන M.G.මහින්ද කුමාර හා කොස්ගොඩ තාරකගේ සොහොයුරුකු වන කොස්ගොඩ සුජීව යන ජාවාරම්කරුවන්ගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අන්තර්ජාලය මගින් හෙරොයින් ජාවාරම මෙම ‘ අක්කා ‘ නමින් හඳුන්වන කාන්තාව වසරක පමණ කාලයක් පුරා සිදු කරමින් ගොස් ඇති බවයි.

මෙම කාන්තාව හා බූස්ස බන්ධනාගාරයේ එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා අතර දුරකථන සංවාද සිදුවන බවද අනාවරණය කරගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව හා ඇගේ සැමියා අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රැදවුම් නියෝග ලබාගෙන මෙම ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද අනුරාධපුර පොලිසිය පවසයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ෆොන්සේකාට පොහොට්වේ දොර අරී . . .

Wed Feb 21 , 2024
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොර විවෘත බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි. තමන් ඉපදුන දා සිට විපක්ෂව කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ට විවෘත වූ තම පක්ෂයේ සැලුන් දොර තිස් වසරක යුද්ධය අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ සමග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x