නීතිවිරෝධීව ගෙන්වූ ඊ සිගරට් තොගයක් අල්ලයි . . .

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ නීතිවිරෝධී ලෙස මෙරටට ඉලෙක්ට්‍රොනික් සිගරට් ගෙන්වා අලෙවි කළ ජාලයක් වැටලීමට ජා-ඇළ සුරාබදු ඒකකය සමත්වී ඇත.

එහිදී පානදුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

ජා-ඇළ සුරාබදු අධිකාරී ප්‍රිමේෂ් ප්‍රනාන්දු සඳහන් කළේ රුපියල් ලක්ෂ 30ක ඊ සිගරට් තොගයක් මෙලෙස වටලා ඇති බවත් ඉන් රුපියල් කෝටි 10ක බදු ආදායමක් රජයට අහිමිවී ඇති බවත් ය.

මෙම ඊ සිගරට් සඳහා තරුණ ප්‍රජාව සහ දරුවන් වැඩි වශයෙන් ඇබ්බැහි වෙමින් ඇති බවත් මෙය භයානක තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සමනල වැවේ ජලකාන්දුව හදන්න බැහැ . . .

Fri Feb 23 , 2024
සමනල වැව ජලාශයේ ජලකාන්දුව පිළිසකර කිරීමෙන්  නැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගමේ ප්‍රධානීහු බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට  දැනුම් දුන්හ. එහි කාන්දුව  වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඉන් කිසිදු හෝ ප්‍රතිඵලයක් ලබාගත නොහැකිවී ඇති බව පැවසූ එම නිලධාරිහු ජල කාන්දුව  වැලැක්වීමේ මුවාවෙන් යම් ව්‍යාපාරයක් අභ්‍යන්තරයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x