මුහුදේ පාවෙමින් තිබූ අද්භූත වස්තුව ගොඩබිමට . . .

යාපනය, වඩමාරච්චි, කට්ටකාඩු මුහුදේ පාවෙමින් තිබූ අද්භූත වස්තුව නාවික හමුදාව විසින් පළාතේ ධීවරයින්ගේද සහය ඇතිව ඊයේ (24) ගොඩබිමට රැගෙන විත් ඇත.

එහිදී යකඩෙන් තනන ලද එම වස්තුව කිලෝ ග්‍රෑම් 4000කට වඩා බරින් යුක්න වේ.

එය ගොඩගැනීමට යාපනය, වෙත්තිලකේණී නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට බැකෝ යන්ත්‍රයක් හා ට්‍රැක්ටරයක්ද යෙදවීමට සිදුවී ඇත.

නාවික හමුදාව සඳහන් කර ඇත්තේ විශාල නැව් ගැඹුරු මුහුදේ නැංගුරම් දැමීමේදී භාවිතයට ගන්නා විශේෂ බෝයාවක් බවයි.

යකඩවලින් කේතුවක ආකාරයට තනන ලද එම බෝයාවේ ඉහල කොටස කොතක ආකාරය ගෙන තිබුණද, එහි යට කොටස විශාල යකඩ ප්‍රමාණයක් යොදාගෙන වැඩි බරකින් යුතු වන ආකාරයට නිපදවා ඇති බවයි.

නාවික හමුදාව ගොඩගන්නා ලද එම විශේෂ බෝයාව වඩමාරච්චි වෙරළාසන්නයේ තබා ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කංසා ග්‍රෑම් 25ක් ළඟ තබා ගැනීමට අවසර දෙයි . . .

Sun Feb 25 , 2024
කංසා ග්‍රෑම් 25ක් වැඩිහිටියන් සඳහා තම සන්තකයේ තබා ගැනීමට ජර්මානු පාර්ලිමේන්තුව අවසර ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නීති විරෝධී ක්‍රම මගින් සිදුවන කංසා වෙළෙඳාම දුර්වල කිරීම සහ තරුණයින්ට එමඟින් වන බලපෑම අවම කිරීම මෙහි අරමුණ බව ජර්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x