ඩිල්ෂාන්ට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය . . .

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිව තිබේ.

එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන Jason Wood සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

එම සටහනින් පාර්ලිමේන්තු මන්ත්‍රී Jason Wood පෙන්වාදෙන්නේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා පැවති උත්සවය මේ හේතුවෙන් තවත් සුවිශේෂී වූ බවය.

එසේම ඉදිරියේදී ඩිල්ශාන් විසින් එරට ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී මෙහෙයක් සිදුකරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු තැබූ සටහනේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර එහිදී මන්ත්‍රීවරයා විසින් ඩිල්ෂාන්ගේ දියණිය වන රෙසඳි ගැන ද සඳහන් කර ඇති අතර ඇයගේ ක්‍රිකට් අනාගතයටද සුබපැතුම් එක්කර තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැඩිම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව . . .

Sun Feb 25 , 2024
රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක අනුව පෙනීයන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය. ශ්‍රී ලංකාව 2000 වර්ෂයේදී  රාජ්‍ය ආදායමෙන් ණය සඳහා පොලී වශයෙන් සියයට 33ක මුදලක් ගෙවා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව ණය සඳහා පොලී ගෙවන රටවල් අතර පස්වෙනි ස්ථානයට එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x