ආසියාවේ ලොකුම ධනවතාගේ පුත්‍රයාගේ පූර්ව මංගලෝත්සවය . . .

ආසියාවේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍රානුකූල පූර්ව මංගලෝත්සවයක් ලබන මාර්තු මස මුල් භාගයේදී දින 3ක් පුරා ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන 28 හැවිරිදි ආනන්ද් අම්බානිගේ සහ 29 හැවිරිදි රාධිකා මර්චන්ට් යුවළ පසුගිය 2022 වසරේ දෙසැම්බරයේදී විවාහ ගිවිස ගත් අතර, ඉන්දියාවේ ප්‍රකට ඖෂධ සමාගමක හිමිකරු වන විරේන් මර්චන්ට්ගේ දියණිය රාධිකා සහ ආනන්ද්ගේ විවාහ උත්සවය නිල වශයෙන් පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මාසයේදී බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

දින තුනක් පුරා පැවැත්වීමට නියමිතව ඇති දෙදෙනාගේ පූර්ව මංගලෝත්සවය සඳහා ලොව පුරා ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු අමුත්තන් 37 දෙනකුට ඇරියුම් කර ඇතැයි ද වාර්තා වේ. එම ලැයිස්තුව මේ වන විට ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයට ලක් වී තිබේ. ඒ අතර බිල් ගේට්ස්, මාක් සකර්බර්ග් ඇතුළු ලොව නොම්මර එකේ ධනවතුන් ද සිටින බව වාර්තා වේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නාගානන්දට නීතිඥ වෘත්තිය තහනම් කෙරේ . . .

Thu Feb 29 , 2024
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කර ඇත. නාගානන්ද කොඩිතුවක්කු ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රියන්ත ජයවර්ධන , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදුනි. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x