ලබන අවුරුද්දෙ තියෙන්නෙත් මේ ආණ්ඩුවමයි . . .

ලබන වසරේත් මෙරට තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ආණ්ඩුව නැති වෙන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බව කී ජනාධිපතිවරයා  සංවර්ධනය සදහා ලබා දී ඇති මුදල් ගෙන ගමට ගොස් ගමේ සංවර්ධනයට සෘජුවමට දායකවන්නැයි ඉල්ලා සිටියේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ද පිළිබද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.

නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය  ප්‍රසන්න රණතුංග සංවිධානය කළ මෙම රැස්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකයයෝ ද සහභාගී වූහ.

අගෝස්තු වෙන්න කලින් මුදල් වියදම් කරලා වැඩකටයුතු ආරම්භ කරන්න. කල් දාන්න එපා. එන අවුරුද්දේත් මුදල් දෙන්නම් යැයි ජනාධිපතිවරයා එහිදී කීය.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොදු වැසිකිළි ගාස්තු බහි . . .

Mon Mar 4 , 2024
කොළඹ මහ නගර සභාව විසින් පාලනය කරන ඇතැම් පොදු වැසිකිළිවල ගාස්තුව රුපියල් 10 ක් දක්වා අඩුකර තිබේ. කොළඹ මහ නගර සභාව විසින් පිටකොටුව ප්‍රධාන බස් නැවතුම ආසන්නයේ පවත්වාගෙන යන (saunders place) පොදු වැසිකිළියේ ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩුකර ඇත. දැනට සති තුනකට පමණ ඉහතදී එම පොදු වැසිකිළියේ අය කරන ලද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x