ඇමැති සිරිපාලට විරෝධයක් . . .

මැදිරිගිරිය නගරයේ මාර්ග දෙකකට  හිටපු අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියාගේ නම් කර එය විවෘත කිරීමට ගිය රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් ඒල්ලවූහ.

පසුගිය වසරේ පැවැති අරගලයේදී අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ නමින් මැදිරිගිරිය කවුඩුලුවැව මාර්ගයත් ඔහුගේ ආරක්ෂක නිළධාරී ජයන්ත ගුණවර්ධන ගේ නමින් බිසෝබණ්ඩාර පාසල් මාර්ගයත් නම් කිරීමට ප්‍රාදේශීය සභාවේ අනුමැතිය හිමි විය.

ඒ අනුව මැදිරිගිරිය කවුඩුලුවැව මාර්ගය අමරකීර්ති අතුකෝල නමින් ද බිසෝබණ්ඩාර මාර්ගය ජයන්ත ගුණවර්ධන නමින්  නම් කර ඊට අදාල පුවරුව විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම ඇතුළු දේශපාලඥයෝ පිරිසක් එක් වූහ.

අනතුරුව එම ස්ථානයට එක් රොක් වූ ප්‍රදේශයේ ජනතාව ඔවුන්ට සිය විරෝධය ඒල්ල කර සිටියහ.

ඒහිදී ප්‍ර‌දේශයේ ජනතාව කියා සිටියේ ප්‍රදේශයේ අබලන් මාර්ග කොතෙකුත් තිබියදී සුදු ඇදගෙනවිත් දැනට ප්‍රයෝජනයට ගන්නා මාර්ග විවිධ පුද්ගලයන්ගේ නම්වලින් විවෘත කිරීම ලජ්ජාසහගත බවයි.

තවද අලි මිනිස් ගැටුම්වලින් දිනෙන්දින මිනිස් ජීවිත අහිමිවන කාලෙක ජනජීවිතයට බාදා නොවන ලෙස අලි ගැටළුවලට පවා පිළියම් ලබා නොදී මෙවන් විහිලු සහගත ක්‍රියා නොකරන ලෙසට උසුළුවිසිලු නොකරය යන්නැයි ගම්වාසීහු ඇමැතිවරයා ඇතුළු පිරිසට පැවැසූහ.

මෙම සිද්ධියත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වය ඇති විය. පැය භාගයක් පමණ පැවැති මෙම විරෝධයෙන් පසු ඇමැතිවරයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටව ගියහ.

  • චාපා මධුභාෂිණී
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාහන මිල ඉහළට . . .

Thu Aug 3 , 2023
  පසුගිය මාස කිහිපයේ යම් මට්ටමින් පහළ ගිය මෙරට මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ යාමට පටන් ගෙන තිබේ. වාහන අලෙවිකරුවන් පවසන්නේ රජය භාණ්ඩ වර්ග රැසක් ආනයනය කිරීමට අවසර දුන්නද, තවදුරටත් වාහන ආනයනය කිරීමට අවසර නොදීම ඊට හේතුවී ඇති බවයි. ඒ අනුව අගෝස්තු මස වාහන මිල ගණන් පහතින්, පෙර මිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x