මැතිවරණය කොට්ඨාශ ක‍්‍රමයට . . .

පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රිවරු අතුරින් එකසිය හැට දෙනකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් සෘජුවම තෝරාපත් කර ගත හැකි පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය සූදානම් වේ.

දැනට ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වැනි වගන්තියේ විධිවිධාන මගින් සමානුපාතික නියෝජන ක්‍රමයට මැතිවරණ පවත්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ක්‍රමවේදයයි.

එහිදී මැතිවරණ අපේක්ෂකයන් සමස්ත මැතිවරණ දිස්ත්‍රික්කය තුළම ප්‍රචාරණ කටයුතු කළ යුතු බැවින් ඒ සඳහා වැය කළ යුතු පිරිවැය දරා ගත හැකි අපේක්ෂකයන්ට පමණක් මැතිවරණය සීමාවේ. මැතිවරණය වෙනුවෙන් දැරිය යුතු අධික පිරිවැය නීත්‍යනුකූල නොවන මාර්ග ඔස්සේ පවා උපයා ගැනීමට අපේක්ෂකයන් පොලඹවන අතර නීති විරෝධී සහ අයථා මාර්ගවලින් මුදල් රැස්කළ තැනැත්තන් මැතිවරණ අපේක්ෂකයන්ට අනුග්‍රහය දැක්වූ විට ඔවුන්ගේ නීති විරෝධී කටයුතුවලට සහාය දීමට ද මහජන නියෝජිතයෝ පෙලඹෙති.

මෙකී කාරණා හේතුවෙන් පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහ වෙනත් අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නිර්දේශ ඇතුළත් වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර තිබිණි. මේ සඳහා අදහස් ඉදිරිපත් කරන ලද තැනැත්තන්ගෙන් බහුතරය ඇතැම් නිර්දේශ සපුරාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගෙන් 160ක් අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් සෘජුවම තෝරා පත් කර ගැනීමට හැකියාව ලැබෙන පරිදි ක්‍රමවේදය වෙනස් කිරීමට කැමැත්ත පළකර තිබිණි.

ඒ අනුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 දෙනාගෙන් 160 ක් අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් සෘජුවම තෝරා පත් කරගැනීමටත් ඉතිරි මන්ත්‍රිවරු 65 සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරා ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇත.

  • Aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නලින් පෙරේරා සහ සුදර්මන් රදලියගොඩ ට ලැබුණු අලුත්ම තනතුරු . . .

Sat Mar 9 , 2024
සමස්ත ලංකා මානව හිමිකම් සම්මේලනයේ සන්නාම තානාපතිවරයා ලෙස මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක, දේශමාන්‍ය, ආචාර්ය නලින් පෙරේරා පත් කර තිබෙනවා. එමෙන්ම එම සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ පත් කර ඇත. ඊට ආදාළ පත්වීම් ලිපි සමස්ත ලංකා මානව හිමිකම් සම්මේලනයේ සභාපති, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x