රිය අනතුරකදී රක්ෂණ වන්දි ගන්න ක්‍රමයේ වෙනසක් . . .

රිය අනතුරකදී තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ මාර්තු 01 වනදා සිට ආරම්භ කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

අනතුර සිදුවී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 05ක් දක්වා වන වන්දි මුදල එම රක්ෂණ ආයතනයේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් ලබාගැනීමේ හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රුසියාවේ රඟහලකට ත්‍රස්ත ප්‍රහාරයක් . . .

Sat Mar 23 , 2024
රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම නාට්‍ය ශාලාවේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ බව සඳහන්ය. කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝ මේ වනවිට සමාජ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x