ලබන වසරේත් ඖෂධ හිඟයක් . . .

2025 වසර සඳහා ගෙන්වීමට අවශ්‍ය ඇණවුම් වෛද්‍ය සැපයීම් අංශය විසින් මෙතෙක් ලබා නොදීම නිසා ඇතිවිය හැකි ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයට වග නොකියන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

2025 වර්ෂය සඳහා අවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ ඇණවුම් පිළිබඳව 2024 වසරේ ජනවාරි මාසය වනවිට වෛද්‍ය සැපයුම් අංශය විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දිය යුතුය.

ප්‍රසම්පාදන කටයුතු සඳහා සාමාන්‍යයෙන් මාස නවයක කාලයක් ගතවීම ඊට හේතුවයි.

ඖෂධ ඇණවුම් 670ක් සහ ශල්‍ය උපකරණ ඇණවුම් 1000කට ආසන්න සංඛ්‍යාවක් ලබාදිය යුතු වුවද ‘ස්වස්ථා’ දත්ත පද්ධතියේ ඇති ගැටලු හේතුවෙන් එය සකස් කර ගැනීමට නොහැකි වී ඇතැයි වෛද්‍ය සැපයීම් අංශය පෙන්වා දෙයි.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත්තේ ඇණවුම් නොලැබීම නිසා 2025 ජනවාරි මාසයේ සිට ඖෂධ හෝ ශල්‍ය උපකරණ හිඟයක් ඇති වුවහොත් එහි වගකීම භාර නොගන්නා බවයි.

ඖෂධ හා වෛද්‍ය සැපයීම් හිඟය සහ ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති අතර, ඊට ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී උපදෙස් ලබාදී තිබේ. මේ සම්බන්ධයෙන් විමසීමට වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද එය ව්‍යවර්ථ විය.

  • අනිෂා මානගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රජයේ විධායක නිලධාරීන් ලක්ෂයක දීමනාවක් ඉල්ලයි . . .

Sun Mar 24 , 2024
මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ටද රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. සමස්ත රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරිහු දහතුන්දහසක් සිටිති. මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එම නිලධාරීන්ට රුපියල් පහළොස්දහසක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x