පොල් මණ්ඩලයේ හිටපු ලොක්කා අත්අඩංගුවට . . .

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් හත්කෝටි හැත්තෑ හත් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධව එම මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත.

කේ.ඩී. ලයනල් ධර්මසිරි (64) නමැති දෙල්ගොඩ, උඩුපිල පදිංචි අයකු මෙම චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබේ.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් නොකපා හැර මුදල් වංචා කිරීම සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන අරඹා තිබේ.

  • තිස්ස රවින්ද්‍ර පෙරේරා
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලැප්ටොප් සොරකම් කළ සිසුන් අත්අඩංගුවට . . .

Mon Mar 25 , 2024
බේරුවල ආරියවංශ විදුහලේ සුහුරු පන්ති කාමරය කඩා එහි තිබූ ලැප්ටොප් 12ක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බේරුවල පොලිසිය පැවසුවේ අද (25) දිනයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එම පාසලේම සිසුන් දෙදෙ‌නෙකු ද සිටින බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ ලබන වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x