මෛත්‍රීගේ ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට . . .

පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සමාලෝචනය කිරීමෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වේ. ඒ අදාළ ප්‍රකාශය නීතිපති දෙපාර්තමේන්තුවට අද (26 වැනිදා) සවස ලැබීමෙන් අනතුරුවය.

අදාළ සමාලෝචනය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් අනුයුක්ත කර තිබේ.

පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි තමා දන්නා බව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය 22 වැනිදා ප්‍රකාශ කළේ ය. මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මුල්කරගනිමින් සමගි ජනබලවේගයේ කතෝලික කමිටුව පෙරේදා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ගොනු කළේ ය.

මගෙන් රටට සංවිධානයද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.

අනතුරුව හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් දී ඇත. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ සම්බන්ධයෙන් පැවසුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැය 48 ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙනු ඇති බවය.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (25 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.

  • අශිකා ජයවීර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පරාටේ නීතිය අත්හිටුවීමෙන් වෙන දේ . . .

Tue Mar 26 , 2024
පරාටේ නීතිය අත්හිටුවීමෙන් බැංකුවලින් ණයදීම තවදුරටත් අදිමදි කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. බැංකු පවත්වාගෙන යනු ලබන්නේ තැන්පත්කරුවන්ගෙන් මුදල් ලබාගෙන ඒවා ණයට ලබාදීමෙන් බව ද ඔහු පැවසීය. “ණය දීපු ඒවා අයකර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x