වයස්ගත කාන්තාව අමතක නොවෙන වංචාවකට හසුවෙයි . . .

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඩොලර් 10000ක වංචාවකට හසුවු වයස්ගත කාන්තාවක් පිළිබඳ පුවතක් ඔස්ට්‍රේලියාවේ පර්ත් අගනුවරින් වාර්තා වේ.

තමන් මෙලෙස වංචාවකට හසුවීමත් සමඟ ඇය ෆේස්බුක් භාවිත කරන්නන්ට ද අනතුරු ඇඟවීමක් කර තිබුණි.

ෆේස්බුක් ඔස්සේ ඩොලර් ලක්ෂ දෙකක මූල්‍ය ත්‍යාගයක් ලබා ගැනීම සඳහා ඩොලර් 1000ක් ආයෝජනය කරන ලෙස ලැබුණු පණිවුඩයට ප්‍රතිචාර දැක්වීමට යෑමේදී ඇය මෙලෙස මූල්‍ය වංචාවකට හසුවී ඇති බව වාර්තා වේ.

මෙම මූල්‍ය ත්‍යාගය පිළිබඳ පණිවුඩය ඇයගේ ෆේස්බුක් ගිණුමෙහි සිටින සමීපතමයකු විසින් එවූවක් වන අතර එහි විශ්වාසනීයත්වය විමසීමට පෙර ඇය මුදල් යොදවා තිබූ බව සඳහන්ය.

පසුව අනාවරණ වී ඇත්තේ එම මිතුරාගේ ෆේස්බුක් ගිණුම මීට ඉහත දී හැකර්වරුන්ගේ ග්‍රහණයට නතුව ඇති බවයි.

පසුව ඇය සිය මිතුරිය සමග දුරකතනයෙන් සම්බන්ධවූ විට ෆේස්බුක් ඔස්සේ මූල්‍ය වංචාවකට ලක්ව ඇති බව වටහා ගෙන තිබුණි.

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ වාර්තාවලට අනුව වයස අවුරුදු 60 ඉක්මවු පිරිස මෙලෙස අන්තර්ජාල මුල්‍ය වංචාවලට ඉතා පහසුවෙන් හසුවන බව තහවුරු වී තිබේ.

2023 වසරේ දී පමණක් මෙලෙස වැඩිහිටි පිරිස් අන්තර්ජාල වංචාවලට හසුවීමේ ප්‍රවණතාව සියයට 62කින් ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ කොමසාරිස් ට්‍රිෂ් බ්ලේක් පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ මුදල් ආයෝජනය කරන ලෙස පැමිණෙන ඕනෑම පණිවුඩයක ප්‍රතිචාර දැක්විමට පෙර සොයා බැලීමට කටයුතු කළ යුතු බවයි.

  • Aus ලංකා
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සරසවිය සිනමා සම්මාන උලෙළ 2024 . . .

Thu Mar 28 , 2024
දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය වන සරසවිය සිනමා සම්මාන උලෙළ අද (28) පස්වරු 6.00 සිට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. වසර 60ක් සපුරන සරසවිය පුවත්පත මේ සම්මාන උලෙළ පවත්වන්නේ 35 වැනි වරටය. ලක්ස් අනුග්‍රහයෙන් පවත්වන මේ සම්මාන උලෙළ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ආචාර්ය මාලනී ෆොන්සේකා සහභාගී වේ. නිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x