ජනගහනයෙන් ලක්ෂ 50ක් මතට හුරුවෙලා . . .

මෙරට මිලියන දෙකක් වූ ජනගහනය අතුරින් ලක්ෂ පනහක් පමණ විවිධ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී ඇති බවත් වාර්ෂිකව හතළිස් දහසක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මියයන බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි.

මේ අතුරින් බහුතරයක් ගංජා භාවිතයට යොමුවී ඇති අතර ගංජා භාවිතයට යොමුවූ පිරිස තුන්ලක්ෂ පනස් දහසක් පමණ වන බවත් හෙරොයින් භාවිතය සඳහා ලක්ෂයකට ආසන්න පිරිසක් ඇබ්බැහිවී ඇති බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාඛ්‍ය නානායක්කාර පැවසීය.

එමෙන්ම පාසල් ළමුන් බහුතරයක් අතර දුම්කොළ භාවිතයට නැඹුරුවක් පවතින බව හඳුනාගෙන ඇති නමුත් තවමත් අයිස් වැනි මත්ද්‍රව්‍ය පාසල් ආශ්‍රිතව වසංගතයක් ලෙස පැතිරයාමේ අවධානමක් නොමැති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මීට අමතරව සමස්ථ ජනනගහනය අතරින් දුම් නොනඟින දුම්කොළ භාවිතයට ලක්ෂ 15ක් පමණ යොමුවී ඇති අතර විවිධ මත්පෙති භාවිතය සඳහා විසි පන්දහසත් තිස්දහසත් අතර පිරිසක් ද අයිස් මත්ද්‍රව්‍ය සඳහා පනස් දහසකට ආසන්න පිරිසක්ද යොමුව ඇති බව හඳුනගෙන ඇත.

  • නිර්මාණි තිලකසිරි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ට්‍රිපිලියා විදුලි බලාගාරය වනසයි . . .

Fri Apr 12 , 2024
යුක්‍රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා රුසියානු හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බලශක්ති සමාගම ප්‍රකාශ කළේය. ට්‍රිපිලියා විදුලි බලාගාරය කියෙව් නගරය ඇතුළුව යුක්රේනයේ ප්‍රධාන කලාප තුනකට විදුලිය සැපයූ බව එම සමාගම පැවසුවේය. රුසියානු හමුදා සිතාමතා උපායශීලීව යුක්රේනයේ බලශක්ති පද්ධතිය ඉලක්ක කරන බවත් මෙම ප්‍රහාරයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x