නිර්ලජ්ජිත දේශපාළුවෝ චීනයෙන් කළ ඉල්ලීම

චීනයෙන් ලබා දී ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් හුවමාරුව භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව මාස තුනක විදේශ සංචිත තිබිය යුතු යැයි දෙරට අත්සන් කරන ලද ගිවිසුමේ ඇතුලත් වගන්තිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.විදේශ මුදල් හුවමාරුව සඳහා චීනය සමඟ අත්සන් කර ඇති ගිවිසුමේ නියමයන් සහ කොන්දේසිවලට අනුව, එම මුදල් හුවමාරුව භාවිතා කිරීමට නම් ශ්‍රී ලංකාව සතුව මාස තුනකට ප්‍රමාණවත් විදේශ සංචිත තිබිය යුතුය.ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකාවට මාස තුනක විදේශ සංචිත නොමැති වීම හේතුවෙන් ගනුදෙනුව අත්හිටුවා ඇතැයි පැවැසෙයි.විදේශ මුදල් හුවමාරුව මගින් ශ්‍රී ලංකාවේ ආනයන සඳහා ගෙවීමට චීන යුවාන් මුදල් ණයට ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබේ.චීනය සහ ශ්‍රී ලංකාව මෙම විදේශ මුදල් හුවමාරුව සඳහා ගිවිසුම පසුගිය වසරේ අත්සන් කළේය.

විදේශ මුදල් හුවමාරුවෙන් චීන නිෂ්පාදන ආනයනය කිරීමට බලාපොරොත්තු වන නිසා මෙම වගන්තිය සංශෝධනය කිරීම චීනයට ප්‍රයෝජනවත් වන බව ද ශ්‍රී ලංකාව දැනුම් දී ඇතැයි පැවැසෙයි.

(විමුක්ති එස් රුද්‍රිගු)

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඇමෙරිකාවේ ෆෙඩරල් සොයා බැලීමේ ආයතනයට ඇමෙරිකාවේ ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් කළ හෙළිදරව්ව...!!!

Fri Jun 17 , 2022
අප විසින් ඇමරිකාවේ FBI ආයතනයට (Federal Bureau of Investigation) පසුගිය දා පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එහි සිංහල පරිවර්තනය පහතින් දැක්වේ. අධ්‍යක්ෂක, FBI මූලස්ථානය, වොෂින්ටන්, ඩී.සී. නීතිවිරෝධී ලෙස ධනය සහ වත්කම් අත්පත් කර ගැනීම් පිළිබඳ පැමිණිලි කිරීම අධ්‍යක්ෂකතුමනි, ශ්‍රී ලංකාවේ කළු තොප්පි (Black Cap Movement) සමාජ ව්‍යාපාරය ලෙස අපට, ඇමරිකා එක්සත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x